ආදරයෙන් රැස් කළ සිංහල නම්

අලුත උපන් බබාට
ලස්සන නමක්
සොයමු.

අලුත උපන් බබාට අර්ථවත් ලස්සන නමක් හොයනවද? සුබකුරු සේවාව තුළ නම් දහස් ගණනක් තියෙන නිසා, නිවාඩු පාඩුවේ ඔබට වඩාත්ම ගැළපෙන නම තෝරාගන්න — ඔබේ ෆෝන් එකෙන්, ටැබ් එකෙන් හෝ ලැප්ටොප් එකෙන් වුණත් මේක ගොඩක් ලේසියි.

Sinhala baby names with meaning — free to explore.

SinhalaBoy
ආලෝකිත
Alokitha
One who sees the way forward before all others
සියල්ලට පෙර ඉදිරිය දකින්නා
SpiritualClassic
ඇයි සුබකුරු

පොඩ්ඩට නමක් තියන්න කලින්
මේ කරුණුත් සිතන්න

අපහසු අකුරු

උපන් නැකතට හෝ වෙනයම් ආකාරයකට ඔබට ලැබෙන සුබ අකුරු අතරින් නමක් ආරම්භ කිරීමට අපහසු අකුරු ඉවත් කරන්න (උදා: සඤ්ඤක හෝ මූර්ධජ අකුරු).

ඇමතීමට පහසු බව

උච්චාරණය කිරීමට පහසු නමක් තබන්න. එය වැඩිහිටි ඔබට මෙන්ම පාසල් යන වයසේදී දරුවාගේ මිතුරන්ට වුවද පහසුවෙන් ඇමතිය හැකි නමක් විය යුතුයි.

නමේ තේරුම

අර්ථවත් නමක් තබන්න. පහසුවෙන් ඇමතිය හැකි හෝ නවීන පන්නයේ නමක් වුවත් එහි සිංහල තේරුම ගැන සැලකිලිමත් වෙන්න. විහිළුවකට ලක් විය හැකි යටි අරුතක් නොමැති නමක් තෝරාගැනීමට වගබලා ගන්න.

කාලීන බව

කාලයට ගැලපෙන නමක් තබන්න. අනෙකුත් දේවල් මෙන් පුද්ගලයන්ගේ නම්ද කාලයෙන් කාලයට වෙනස් වේ. එමනිසා දරුවා වයසින් වැඩිවන විට වුවත් භාවිත කළ හැකි නමක් යෙදීම සුදුසු වේ.

🧒

පුතාට නමක්

අභිමානවත් සහ අර්ථවත් — ඔබේ පුතුට ගැළපෙනම සිංහල නමක්.

පිරිමි නම් බලන්න
👧

දුවට නමක්

මිහිරි සහ ආකර්ෂණීය — ඔබේ දියණියට ගැළපෙනම සිංහල නමක්.

ගැහැනු නම් බලන්න
සොයන ආකාරය

පියවර තුනකින්
ඔබේ බබාට නම සොයාගන්න

01

ඔබට ගැලපෙන ආකාරයෙන් සොයන්න

ස්වභාවය, හැඩය, තේරුම, දිග, පටන් ගන්නා අකුර — ඔබට අවශ්‍ය විදිහට නම් ෆිල්ටර් (Filter) කරලා හොයාගන්න. දුවට නමක් හෝ පුතාට නමක් — ලෙහෙසියෙන්.

02

නමේ කතාව කියවන්න

සෑම නමකම සංස්කෘතික පසුබිම, ඓතිහාසික වැදගත්කම සහ පරම්පරා ගණනාවක් පුරා රැගෙන ආ සොඳුරු අර්ථය මෙහි ඇතුළත් වේ.

03

ආදරණීයන් සමඟ බෙදාගන්න

ඔබ කැමතිම නම් සේව් (Save) කරගන්න, සහ පවුලේ අය සමඟ බෙදාගෙන හැමෝගෙම කැමැත්තෙන් හොඳම නම තෝරාගන්න.

පසු වදනක්

නමක ඇති බර

නම යනු දෙමව්පියන් තම දරුවාට පළඳවනු ලබන පළමු ආභරණයයි. ඉටුකරනු ලබන පළමු යුතුකමයි. දරුවන් ලෝකය තුළ තම අනන්‍යතාවය පිහිටුවීමේ පළමු පියවරයි. ලෝකයේ හොඳම දේ දරුවන්ට යැයි ප්‍රසිද්ධ කියමනක් ඇත. එමනිසා දෙමව්පියනුත් දරුවෙක් ඉපදුණු ගමන්ම නැකත් බලා සුබ අකුරු සොයා අර්ථවත් ලස්සන නමක් තබන්න උනන්දු වෙනවා.

නමක ඇත්තේ අකුරු තුන හතරක් වුවත් එය ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිත කාලය පුරාම ව්‍යවහාර වෙනවා. ඒ වගේම, කෙනෙකුගේ සිත වැඩියෙන්ම අසතුටට පත් වන්නේත් තමාගේ නම වැරදියට උච්චාරණය කිරීම ඇසෙන විටයි.

එම නිසා තම තමාගේ ආසාවන්, අක්ෂර, අර්ථය, සංස්කෘතික පසුබිම, ආගමික ආභාෂය යන මේ සියලු කරුණු මුල්කර ගත්තද අවසානයේ දෙමව්පියන් තබන නමෙහි අයිතිකරු වන්නේ ඔහු හෝ ඇයයි. එය දරුවාගේ පෞරුෂයට සහ ආත්ම අභිමානයට විශාල බලපෑමක් කරන බව සිතෙහි තබාගෙන දෙමව්පියන් වශයෙන් ඔබගේ යුතුකම ඉටුකරන්න.

අදම පටන්ගන්න

ඔබේ සිඟිත්තාට ගැළපෙනම
නම මෙන්න.

Sinhala baby names — free to explore, no sign-up needed.

බබාට නමක් සොයන්න — නොමිලේ
✓ නොමිලේ බලන්න✓ ලියාපදිංචි අවශ්‍ය නෑ✓ ඕනෑම ජංගමයෙන්
Saved names

Sign in with Google to sync your saved names across devices.

No saved names yet

Tap the ♡ on any name to save it here.